තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (02) මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ එරට ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිගේ නිළ ඇරයුමකට අනුවයි.
උදෑසන 7.30 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 101 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස මාලදිවයින බලා පිටත්ව ගිය බවයි ලංකාග්‍රවුන්ඩ් ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
මෙම නිළ සංචාරයේදී දෙරට අතර ද්වී පාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම දෙරටට බලපාන ගෝලීය කටයුතු පිලිබඳවද අවධානය යොමු වනු ඇති.
දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4 කටද මෙහිදී අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.
වීසා පහසුකම් ලබාදීම , සමාජ ආරක්ෂණය, වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාවය වර්ධනය ඊට ඇතුළත්.
එමෙන්ම හෙට සහ අනිද්දා දිනවල මාලදිවයිනේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුලුවේ සභාපති ධුරය හිමිව ඇත්තේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වීම විශේෂත්වයක්.
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා ඇතුලු රටවල් කිහිපයක නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමටද රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් පසුවනවා.
Discussion about this post