තම පුත්‍රයා සහ දියණිය විසින් සිය නග්න උඩුකය මත වර්ණවත් සිත්තමක් නිර්මාණය කරනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහළ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සුප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වන රිහානා පාතිමා හට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිරදඬුවම් නියම කරනු ලැබ ඇත.
තම බාල වයස්කාර දරුවන්ට නිරුවත් පියයුරු පෙන්වීමෙන් ඇය සදාචාරයට පටහැනි ලෙස ක්‍රියා කර ඇතැයි අධිකරණය පෙන්වා දුන්නේය.
නමුත් රිහානා පවසන්නේ තම මවගේ පියයුරු දැක ඇති කිසිම දරුවකු වෙනත් කාන්තාවක් අපයෝජනය නොකරනු ඇති බවයි.
පිරිමින් තුළ කාන්තා ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ පවතින දුර්මතයන් ළමා අවධියේදීම නිවැරදි කළ යුත්තේ නිවසේ සිට බව ඇය පවසා ඇත.
“එවිට ලිංගිකත්වය පිළිබඳ විකෘති අදහස් ඔවුන්ගේ මනසෙහි පැතිරීමට ඉඩ ලැබෙන එකක් නෑ. මා පවසන්නේ සෑම නිරුවත් වීමක්ම ලිංගිකත්වයට සම්බන්ධ කර නොගත යුතු බවයි.”
පාතිමා තර්ක කරන්නේ කාන්තාවන් සහ ස්ත්‍රී ශරීරය පිළිබඳ වැරදි ආකල්ප වෙනස් කළ හැක්කේ ළමා අවධියේ සිට නිවසේදීම නිසි අධ්‍යාපනය ලබාදීමෙන් පමණක් බවයි.
කෙසේ වුවද සංස්කෘතියට හානිකර ක්‍රියාවක් කිරීමේ චෝදනාවට ඇය වරදකාරිය වී තිබේ.
රෙහානා ෆාතිමා යනු ඉන්දියාවට සහ මෙවැනි මතභේදාත්මක කාරණා සම්බන්ධයෙන් අලුත් නමක් නොවේ.
තරුණ ස්ත්‍රීන්ට පා තැබීමට අකැප කෝවිලක් පිහිටි සබරිමලෛ් කන්දට 2018 ඔක්තෝබර් මාසයේදී නැඟීමෙන් ඇය රටේම අවධානය දිනාගත් තැනැත්තියකි.
වසර දහස් ගණනක් පුරා එම දෙවොල් භූමියට පිවිසීමට කාන්තාවන්ට අවසර නොවීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ නියෝගය අනුව සියලු වයස්වල කාන්තාවන්ට එම ආගමික ස්ථානයට ඇතුළුවීමට ඉඩ සලසා තිබුණද ඉන්දීය කාන්තාවෝ එහි ඇතුළුවීමට බියෙන් සිටි මොහොතක ඈ එහි පිවිසියාය.
ඇය එම තහනම් දෙවොලට ඇතුළුවී ජයග්‍රාහීව සිය නිවෙසට පැමිණෙන විට එය කඩා බිඳ දමා තිබිණි.
මෙම නඩුව ගොනු කර ඇත්තේ දැනට ඉන්දියාවේ බලයේ සිටින ගතානුගතික හා ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ නායකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.
ඇයට විරුද්ධව මෙම නඩුව පවරා ඇත්තේ ඇප ලබාගැනීමට නොහැකි වන ආකාරයට බව පොලිසිය තහවුරු කර තිබේ.
Discussion about this post