33 වන ජාතික තරුණ සේවා රූපවාහිනී අභියෝග ශූරතා සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.
අදාළ තරගාවලිය සැප්තැම්බර් මස 2 වනදා සිට 6 වනදා දක්වා මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
මෙම තරගාවලිය සඳා කාන්තා වොලිබෝල් කණ්ඩායම් හයක් සහභාගි වූ අතර එහිදී යුද හමුදා කණ්ඩායම, කැෂුලයින් කණ්ඩායම, ජාතික තරුණසේවා සභා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම මූලික වටයේ තරගවලදී පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.
ඒ් අනුව අවසන් මහා තරගය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අතර පැවැත්වුණා. එහිදී වට 3ට 1ක් ලෙසින් ජය ගැනීමට නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සමත් විය.
ලද ජයග්‍රහණය නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික තරුණ සේවා රූපවාහිනී සුපර් ලීග් වොලිබෝල් තරගාවලියක කාන්තා ශූරතාවය ලබාගැනීම බවයි නාවික හමුදාව පවසන්නේ.
Discussion about this post