2021 ජනවාරි මස සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
පසුගිය ජුලි මස 01 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත්තේ පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදු කරන රියදුරු බලපත්‍ර මුද්‍රණ ක්‍රියාවලිය ශ්‍රී ලංකා යුද හමුදාවට භාරදීමටයි.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුවයි.
ඒ අනුව රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ඇතුළු එම බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
යුද හමුදාපතවරයා එහදී එම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යාමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති අතර අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ක්‍රියාකාරි සැලසුම් පරීක්ෂාවටද ලක් කර තිබෙනවා.
බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය තුළින් යුද හමුදාව ජාතික තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කරමින් රටේ අනාගත ජාතික මට්ටමේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතීන් සඳහා සහයවිමේ හැකියාව පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරුණු බවයි.
Discussion about this post