කිළිනොච්චිය අගපොගසග සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පැවති සම්මන්ත‍්‍රණයකදී ආසන ප‍්‍රමාණවත් නොවූ සිද්ධියක් මත සිසුන් දෙපිරිසක් අතර පසුගියා 13 වනදා ඇති වූ ගැටුමකදී එක් සිසුවකු පිහියකින් තවත් සිසුවකුගේ ගෙල කපා තුවාල සිදු කර ඇති බව වාර්තා වනවා.
කැපුම් තුවාල හේතුවෙන් අදාළ සිසුවා වහාම කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට කෙරුණු බවයි වාර්තා වන්නේ.
කිලිනොච්චිය සමුපකාර ශාලාවේ මෙම සම්මන්ත‍්‍රණය පවත්වා ඇති අතර සිසුන් දහසකට ආසන්න පිරිසක් ඊට සහභාගි වුවත් එම සහභාගී වුවන්ගේ ප‍්‍රමාණයට ආසන නොමැති වීම හේතුවෙන් මුලින්ම සිසුන් අතර නොසන්සුන් බවක් හටගෙන තිබෙනවා.
එම තත්ත්වය පාලනය කිරීමට සංවිධායකවරුන්ට නොහැකිවී ඇති අතර සිසුන් කෑකෝ ගසමින් සිටි අතරවාරයේදී සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී සිසුන් එකිනෙකාට පහරදී ගෙන ඇති අතර ඔවුන් ශාලාවෙන් පිටතට පැමිණ මහා මාර්ගයේදීද ගුටිබැට හුවමාරු කරගෙන තිබෙනවා.
එහිදී එක් සිසුවකු විසින් තවත් සිසුවකුගේ ගෙල පිහියකින් කපා තුවාල සිදු කොට ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව අදාළ සිසුවා රෝහල්ගත කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Discussion about this post