ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ඒ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම හිමි කර ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 86ක් ලබාගෙන සිටිනවා.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් තිදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවකට යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් විය.
රිෂාබ් පාන්ට් ලකුණු 31කට දැවී ගිය අතර නොදැවී පන්දුවට පහර දෙන ශෙයාර්ස් අයියර් පන්දු 31කදී හයේ පහර තුනක් සමගින් ලකුණු 39ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ මොහම්මෙඩ් ෂමි කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.
තරගය තවදුරටත් ක්‍රියාත්මකයි.
Discussion about this post