ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සහ බිරිඳ ලිමිණි රාජපක්ෂ මැතිනිය අද 2020.09.20 දින යෙදුණු සුබ මොහොතින් අලුත උපන් පුත්‍ර රත්නය සමග කොළඹ සිය නිවසට පැමිණියහ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මැතිනිය සහ ලිමිණි රාජපක්ෂ මැතිනියගේ දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් එක්ව සිටියහ.
සිය මුණුබුරා දෑතින් ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සුරතල් වදන් තෙපලමින් සිය මුණුබුරාගේ මුවට සිනහවක් කැන්දුවේය.
සතුට ඉතිරෙන නව කැදැල්ලට පැමිණ සිටි සියලු දෙනා සුබ පැතූහ
Discussion about this post