ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික .සාකච්ඡාවක් ලබන සෙනසුරාද(26) පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ එහිදී පුළුල් පරාසයක කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි
පසුගිය අගෝස්තු 06 වනදා අලුතින් පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ බහුවිධ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සමාලෝචනය කිරීමට එකඟතාවය පළකර තිබෙනවා.
දේශපාලන, ආර්ථික, මූල්‍ය, සංවර්ධනය, ආරක්ෂක යන අංශ, අධ්‍යාපන, සංචාරක හා සංස්කෘතික මෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලු අතර ද්විපාර්ශවික මැදිහත්වීම පිළිබඳ පූර්ණ අවධානය යොමු කිරීමට මෙහිදී අපේක්‍ෂා කෙරේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව විදේශීය නායකයෙකු සමඟ සිදු කරනු ලබන පළමු සමුළු මට්ටමේ අන්තර්ක්‍රියාව මෙය වනවා.
Discussion about this post