මෙරට සහ විදේශීය නිෂ්පාදනය කරන ලද නීති විරෝධී ගිනි අවි ළඟ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙක් ප්‍රදේශ හතරකදී පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය කියා සිටියේ මොවුන් අලුත්ගම, කරුවලගස්වැව, දෙනියාය සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනුණු බවයි.
සියඹලාණ්ඩුව, දොඹගහවෙල ප්‍රදේශයේදී සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කරන ලද වැටලීමක් සිදු කර විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එම අවියට යොදන පතරොම් තුනක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් පමණ වූ නීලබැද්ද දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර දෙනියාය මහවත්ත, වතුරාව ප්‍රදේශයේදී ද නීති විරෝධිව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙනියාය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී ගිනි අවිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වූ එගොඩවත්ත මහවත්ත වතුරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අද(25) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉිදරිපත් කිරීමට නියමිත අතර දෙනියාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන පතරොම් 5ක් සමග පුද්ගලයකු කරුවලගස්වැව, පහළ මොරියාකුලම, තබ්බෝව යන ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කරුවලගස්වැව පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී සැකකරු සහ ගිනි අවිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහළ මොරියාකුලම තබ්බෝව යන ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 34ක් පමණ වූ පුද්ගලයෙකු බවත් ඔහු අද(25) දිනයේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඇල්පිටිය, ගනේගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී බලපත්‍ර නොමැතිව නීති මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ බෝර 16 වර්ගයේ සජීව පතරොමක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ඇල්පිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර වයස අවුරුදු 43ක් පමණ වූ ගොඩහේන්තැන්න, දීගල,ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන ඇල්පිටිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
Discussion about this post