නීති විරෝධීව නිෂ්පාදනය කරන ලද සුරුට්ටු දස දහසක තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් සුරාබදු දෙපාර්තමේන්තුවේ කිලිනොච්චිය සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කිලිනොච්චිය පොදු වෙළඳ සංකීර්ණය අසලදීයි.
එහිදී අත්අඩංගුවට ගැනුණු නීති විරෝධී සුරුට්ටු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයක් ඉක්මවන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 50ක් පමණ වන පුද්ගලයෙක් වන අතර සැකකරු නීති විරෝධි සුරුට්ටු ජාවාරම කාලයක් තිස්සේ ඉතා රහසිගත අයුරින් කරගෙන ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සැකකරු අප මත මුදාහැර ඇති අතර ඉදිරියේදී සැකකරුට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.
Discussion about this post