ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3360ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ අද(28) උදෑසන වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 11 දෙනෙක් හඳුනා ගැනුණු බවයි.
ඔවුන් 11 දෙනා විදෙස් රටවල සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිස් බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.
ඒ අනුව ඔවුන් අතර ඉන්දීය ජාතිකයන් හය දෙනෙක්ද බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු බැගින් සිව් දෙනෙක්ද එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙක්ද වනවා.
මොවුන් මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටියදීයි කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත්තේ.
එසේම මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාවෙන් මේ වන විට ආසාදිතයින් 3208 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
අද(22) උදෑසන 6 පමණ වන විට පුද්ගලයන් 22 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතුවල නිරතව සිටි පිරිස් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා
එසේම කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 648 දෙනෙක් මේ වන විට පූර්ණය සුවය ලබා ඇති බවත් දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධ දෙදෙනෙකු පමණක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිිටියා.
එසේම තවත් රෝගීන් 139 දෙනෙක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර පුද්ගලයන් 40 දෙනෙකු කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව පසුවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 13ක්.
මේ අතර ඊයේ(27) දිනය තුළදී PCR පරීක්ෂණ 1410ක් සිදු කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
ඒ අනුව මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 284059ක්.
Discussion about this post