කොවිඩ් – 19 ගෝලීය වසංගතය පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇති බව චීන පර්යේෂණ ආයතනයක් සිදු කළ සමීක්ෂණයකට අනුව හෙළිදරව් වී තිබෙනවා.
චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන “යීකායි” පර්යේෂණ ආයතනය සිදු කළ සමීක්ෂණයකට අනුව කොවිඩ් – 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැලකූ විට ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවට ලැබූ ඉහළම ශ්‍රේණිගත කිරීම මෙය වනවා.
රටවල් 108ක් යොදා ගෙන සිදුකර ඇති මේ සමීක්ෂණයෙන් කොවිඩ් – 19 ගෝලීය වසංගතයට සාර්ථක ලෙස මුහුණ දුන් රටවල් අතර දර්ශකයේ පළමු ස්ථානය සමස්ත ලකුණු 68.1 ක් ලබා ගනිමින් චීනය හිමි කර ගෙන ඇති බව අදාළ වාර්තා වලින් අනාවරණ වනවා.
එම සමීක්ෂණය අනුව කොවිඩ් සාර්ථක පාලනය කිරීමට සමත්වූ ප්‍රමුඛ රටවල් 10 සහ හිමිවූ ලකුණු වන්නේ චීනය ( 68.1), ශ්‍රී ලංකාව ( 59.2), ඝානාව – (58.8) දකුණු කොරියාව -( 57.6) මියන්මාරය -( 56.3) ඔස්ට්‍රේලියාව -( 55.6) තායිලන්තය -( 55.4) නවසීලන්තය -( 55.1) වියට්නාමය -( 54.0) කාම්බෝජය – (53.7) ක් ලෙසින් වනවා.
කොවිඩ් වසංගතයෙන් දරුණු අයුරින් බැට කන බ්‍රසීලය හා එක්සත් ජනපදය යන රටවල් දෙක මේ ශ්‍රේණිගත පිළිවෙළින් 89 වැනි සහ 98 වැනි ස්ථානවල පසුවනවා.
Discussion about this post