ශ්‍රී ලංකාවේ ප්‍රධාන රග්බි කණ්ඩායමක ප්‍රථම කාන්තා කළමනාකාරිනිය ලෙස උදානී එදිරිසිංහ මහත්මිය පත් තිබෙනවා.
ඒ, සී.එච්. ඇන්ඩ් එෆ්.සී රග්බි කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙසයි.
32 හැවිරිදි උදානී එදිරිසිංහ මහත්මිය මියුසියස් විදුහලේ ආදි ශිෂ්‍යාවකි.
සී.එච්. ඇන්ඩ් එෆ්.සී රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රෝහිත රාජපක්ෂ මහතා පවසන්නේ උදානිගේ පත්වීම කණ්ඩායමේ ඉදිරි දියුණුවට විශාල රුකුලක් වන බවයි.
එමෙන්ම උදානිගේ පත්වීම ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අලුත් ආකර්ෂණයක් වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කරනවා.
“අපේ ක්‍රීඩා සමාජයේ බොහෝ රග්බි ක්‍රීඩකයන්ට ඇය මවක් වැනි චරිතයක්. ගොඩක් අය දන්නේ නෑ ඇය පසුගිය වසර පහ තුළ අපේ ක්‍රීඩා සමාජයට විශාල සේවයක් කර තිබෙන බව. රගබි ක්‍රීඩාවේ යෙදෙන යෞවනයන් බොහෝ දෙනකුට ඇගේ සැමියා සමඟ එක්ව කොළඹ නවාතැන් පහසුකම් සහ රැකවරණය සපයා විශාල සේවයක් පසුගිය කාලයේ සිදු කළා. ඇය අපගේ බොහෝ ක්‍රීඩකයන්ට මඟ පෙන්වන ආලෝකයක් වැනියි. ඒ නිසා අප සියලු දෙනා කල්පනා කළා උදානිගේ සමාජශීලීත්වයට හා ක්‍රීඩාව සම්බන්ධව ඇති දැනුමට සුදුසු ප්‍රතිලාභය ලබා දිය යුතුයි කියලා. ඒ ගමන් මඟ ඔස්සේ තමයි ඇය ශ්‍රී ලංකාවේ පළමු කාන්තා කළමනාකාරිනිය බවට පත් වන්නේ ” රෝහිත රාජපක්ෂ මහතා කියා සිටියා.
Discussion about this post