සත්ව නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගැනීමට සූදානමින් තිබූ රුපියල් දොකෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සහල් මෙට්‍රික් ටොන් 300ක් පමණ පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලද විශ්වාසදායී ආරංචියක් මත ජාඇළ ඒකල ප්‍රදේශයේ පිහිටි අදාළ සත්ව ආහාර නිෂ්පාදන සමාගම් පරිශ්‍රයේ පරිභෝගික සේවා අධිකාරිය විසින් සිදු කළ වැටලීමක් සිදු කර තිබෙනවා.
එහිදී අදාළ සමාගම පරිශ්‍රයේ ගබඩා කර තිබූ මිනිස් පරිභෝජනයට සුදුසු රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සහල් මෙට්‍රික් ටොන් තොගය අත්අඩංගුවට ගැනුණු බවයි වෙළෙඳ අමාත්‍යංශය පවසන්නේ.
අදාළ වැටලීමට එක්ව සිටි අමාත්‍යවරයා කියා සිටියේ සත්ව ආහාර නිෂ්පාදන සමාගම් විසින් දිගින් දිගටම සිදු කෙරෙන මෙවැනි ක්‍රියා තුළින් පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවලට පත්ව ඇති මෙවැනි අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමකින් තොරව සත්ව නිෂ්පාදන කටයුතු සඳහා පාරිභෝගික භාවිතයට සුදුසු සහල් යොදා ගැනීම පිළිබඳ 2020 ජුලි 23 දිනැතිව නිකුත් කරන ලද අංක 2185/67 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සිදු කරන ලද විධානයන්ද නොසලකා හරිමින් සිදු කරගෙන ය න මෙවැනි ක්‍රියා සඳහා කිසිදු ඉඩක් නොමැති බවයි.
ඒ අනුව සත්ව නිෂ්පාදන ආයතනය සතුව ඇති අනෙකුත් තොග හා භාවිතා කරන ලද තොග සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පාරිභෝගික සේවා අධිකාරිය හරහා සිදු කිරීමට නියමිතයි.
එසේම අදාළ නීති විරෝධී කාර්යය සම්බන්ධයෙන් එම ආයතනයට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කරන බවයි වෙළෙඳ අමාත්‍යංශය කියා සිටියේ.
මේ අතර අත්අඩංගුවට ගැනුණු සහල් තොගය අද(30) දිනයේ මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Discussion about this post