නුගේගොඩ, ඇඹුල්දෙනිය ප්‍රදේශයේදී හා දෙල්කඳ ප්‍රදේශවල දී සිදුකළ වැටලීම්වලින් රුපියල් ලක්ෂ 14 පමණ වටිනා හෙරොයින් මත් කුඩු සමඟ පුද්ගලයන් 5දෙනෙකු අද (01) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසනවා.
එම සැකකරුවන් අතර “දෙල්කඳ උසා “නමැත්තා හා එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කරනවා.
සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් 70 පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මේ අතර ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අක්කරපත්තු, ඔළුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
අක්කරේපත්තු පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් සොයාගෙන තිබෙන අතර හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් විසි දහසකට ආසන්න මුදලක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස 25 ත් 35ත් අතර වයසේ පසුවන පාලමුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අක්කරේපත්තු මහෙස්ත්‍රාත් අධිකරණයට අද(01) ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර මීගොඩ, උඩගෙවත්ත ප්‍රදේශයේදී ද කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුගේගොඩ කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 17යි ග්‍රෑම් 300ක් සොයා ගැනුණු බවයි.
සැකකරු 40 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට අද(01) ඉදිරිපත් කිරීමට නියමිතයි.
Discussion about this post