මන්නාරම මුහුදු තීරයේ ස්ථාන කිහිපයකදී නීතිවිරෝධීව මසුන් ඇල්ලූ සහ හක්බෙල්ලන් ළඟතබාගෙන සිටි මෙරට ධීවරයින් 10 දෙනෙකු ධීවර යාත්‍රා 03 ක් සමගින් සහ හක්බෙල්ලන් 247ක් හා මුහුදු කූඩැල්ලන් කිලෝ 625 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
උතුරුමැද උතුරු නාවික විධානයන්ට අයත් නාවික සෙබලුන් විසින් පසුගිය දින තුනක් තුලදී මන්නාරම මුහුදු තීරයේ, චුණ්ඩිකුලම් උතුරු ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 06 දෙනෙකු හා මුහුදු කූඩැල්ලන් 54 ක් සමග ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අනතුරුව උතුරුමැද නාවික විධානය මගින් වංකාලෙපාඩු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසිකදී නීතිවිරෝධීව මසුන් අලමින් සිටි දෙදෙනකුද ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
ඉන් අනතුරුව මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව සිදු කරන ලද සෝදිසියකදී නිවසක් තුල සඟවා තිබූ හක්බෙල්ලන් 247 ක් සමග මුහුදු කූඩැල්ලන් කිලෝ 625 ක් සමගින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස් මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 ත් 46 ත් අතර පිරිස් වන අතර අත්අඩංගුවට ගත් පිරිස් හා උපකරණ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාරදීමට කටයුතු යොදා ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.
Discussion about this post