එළැඹෙන නොවැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර තිබූ ලංකා ප්‍රීමියර් ලීග් (LPL) පන්දු වාර 20/20 ක්‍රිකට් තරගාවලිය සති දෙකකින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
කොවිඩ් වෛසරය මර්දනය සඳහා සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙම තරගාවලිය සති දෙකකින් කල් දැමීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.
මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන්ද සහභාගි වන බැවින් ඔවුන්ට සති දෙකක නිරෝධායන කාලසීමාවකට යටත් වීමට සිදු වනවා.
මේ හේතුව නිසා පෙර සැළසුම් කර තිබූ පරිදි නොවැම්බර් 14 වැනිදා තරගාවලිය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
මෙම තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණය අද (01) දිනයේදී අන්තර්ජාලය හරහා සිදු කිරීමට නියමිතයි.
කෙසේ නමුත් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 05 න් මේ දක්වා හිමිකාරීත්වය ලබාගෙන තිබෙන්නේ ගාල්ල කණ්ඩායම සඳහා පමණයි.
Discussion about this post