කොවිඩ් -19 රෝග ලක්ෂණ සහිතව ග්ලාස්ගෝ සිට ලන්ඩන් දක්වා ගමන් කළ ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ මන්ත්‍රිනියක වන මාගර්ට් ෆෙරියර්ගේ “නොසැලකිලිමත්” හැසිරීම සම්බන්ධයෙන් තමා ඉතා කෝපයෙන් සිටින බව එරට පාර්ලිමේන්තුවේ කථානායකවරයා පවසා තිබෙනවා.
ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ මන්ත්‍රිනියක වන මාගරට් ෆෙරියර් කොවිඩ් රෝග ලක්ෂණ තිබිය දී වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව වෙත පැමිණීම කිසිසේත්ම සමාව දිය හැකි වරදක් බව එරට අග්‍රාමාත්‍යවරයාද පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
තමන්ට සනීප බවක් දැනුණු නිසා මේ ගමනේ නිරත වූ බවත් එහෙත් රෝග ලක්ෂණ ඉස්මතු වූ පසු වහාම තමන් ආපසු පැමිණි බව මාගරට් ෆෙරියර් පවසා තිබෙනවා.
විරුද්ධවාදීන් සහ ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ද එක හඬින් දැනුම් දී ඇත්තේ ඇයට තනතුරෙන් ඉවත් වන ලෙසයි.
මේ සිදුවීමෙන් අනතුරුව ඇය පක්ෂයෙන් නෙරපා හැර ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
රටේ මිනිසුන් කොවිඩ් වසංගතය මුලිනුපුටා දැමීමට කරන මහත් වෙහෙස නොසලකා මේ ආකාරයෙන් මන්ත්‍රීවරුන් කටයුතු කිරීම නොහොබිනා වැඩක් බවටද චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් පවසන්නේ.
Discussion about this post