දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබෙනවා.
මෙම පියවර ගෙන ඇත්තේ ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාවක් හඳුනාගැනීමත් සමගයි.
මේ අතර මීට පෙර දැනුම් දී තිබුණේ, ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා ඇති බවයි.
බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වනවා.
මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.
මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post