මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවක සේවිකාවන් 220 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එම කර්මාන්ත ශාලාවෙන් ඊයේ දිනයේදී ආසාදිත සේවක සේවිකාවන් 101 දෙනෙක් වාර්තා වූවා.
කොරෝනා වෛරසය ආසාදිත බවට පළමුවෙන් තහවුරු කර ගැනුණු කාන්තාව සහ ඇයගේ දියණිය හැර මේ වන විට එම ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 321ක්.
Discussion about this post