ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා වෛරසය ආසාදානය වී ඇති බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පවසනවා.
උපකුලපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ සිසුවිය මේ වන විට අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අදාළ සිසුවියගේ මව පානදුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරිනියක් වන අතර ඒ හේතුවෙන් එම ඒකකයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් කිහිප දෙනෙකුට PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි පානදුර රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.
Discussion about this post