5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා. පෙරවරු 9.00 වනවිට අපේක්ෂකයන් විභාග ශාලාවල අසුන්ගෙන සිටිය යුතු බවත් සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද ක‍්‍රියාත්මක බැවින් පෙරවරු 8.45 වන විට අපේක්ෂකයන් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බවත් දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතිව යා හැකි පරිදි පාසලෙන් ලබාදුන් උපදෙස් අනුව දරුවන් රැගෙන යායුතු බවයි දෙපාර්තමේන්තුව දෙමාපියන්ට දන්වා සිටින්නේ.
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ පළමු ප්රශ්න පත‍්‍රයට වෙන්කර ඇති කාලය පෙරවරු 9.30 සිට 10.30 දක්වා වන අතර පළමු ප්රශ්න පත්‍රයට තෝරා ගැනීම් තුනකින් යුත් බහුවර්ණ ප්‍රශ්න 40ක් ඇතුළත්.
දෙවන ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 11.00 සිට 12.15 දක්වා පැවැත්වෙන අතර, බහුවර්ණ හා කෙටි පිලිතුරු සැපයිය යුතු ප‍්‍රශ්න 60 කින් එය සමන්විත වන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 3,31,694ක් වන අතර විභාග මධ්‍යස්ථාන 2936ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496 ක් ස්ථාපනය කර තිබෙනවා.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන හෙට (12 සඳුදා) සිට ලබන නොවැම්බර් මස 6 වන සිකුරාදා දින දක්වා පැවැත්වීමට නියමිතයි.
මධ්‍යස්ථාන 2648කදී අපේක්ෂකයන් 3,62,824 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතයි.
විභාගය පෙරවරු 8.30 ට ආරම්භ වුවද සියලු අපේක්ෂකයන් පෙරවරු 7.30 වන විට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ සිටිය යුතු බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එසේම සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසටද සියලු සිසුන්ගෙන් විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
Discussion about this post