වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ වරුණගම ග්‍රාම නිලධාරී වසමේ ජනාවාස තුන ප්‍රදේශයේ වදිනහෙලයාය කදු රක්ෂිතයේ ඊයේ (11) රාත්‍රි හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර දහයකට වඩා භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
රාත්‍රි හටගත් ගින්න කෙටි කාලයක් තුල රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාපෘත වූ අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇත.
ගින්න මැඩපැවැත්වීම සදහා වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක් වූ අතර ප්‍රදේශයට මේ දින වල පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න මැඩපැවැත්වීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට ගින්න පාලනය කිරීමට හැකි වූ අතර ගින්න නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක වලට සහ තෘණ භූමියට ද විශාල හානියක් සිදු වී ඇත.
කිසියම් පුද්ගලයකු මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැකපල කරන අතර වැල්ලවාය පොලිසිය විසින් විමර්ශන සිදු කරයි.
ජයන්ත වීරසේකර – වැල්ලවාය
Discussion about this post