මහා බාධක කොරල්පරයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් විනාශ වීමේ අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ කාලගුණික විපර්යාස සහ සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මෙම අවදානම් සහගත තත්ත්වයට පත්ව ඇති බවට අධ්‍යයනයකින් හෙළිව ඇති බවයි.
පර්යේෂකයන් හෙළි කරන්නේ 2017 වර්ෂයේ සිට ලොව පුරා ඇති විවිධ වර්ගයේ කොරල්පුර විනාශ වෙමින් පවතින බවයි.
එසේම ජලජ පැලෑටි මෙන්ම මත්ස්‍යයන් ඇතුළු සාගර සම්පත් ද විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බවයි අදාළ පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ.
මේ සඳහා මානව ක්‍රියාකාරකම් මූලිකව ලෙසින්ම බලපා ඇති බවත් පර්යේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Discussion about this post