රිෂාඩ් බදියුදීන් පමණක් නොව ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී කිසිවෙකුගේ සහාය ලබා නොගැනීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීම සඳහා රිෂාඞ් බදියුදීන් රජයට සම්බන්ධ කර ගැනීමට සූදානමක් ඇතැයි ජනතාව තුළ කතාබහක් පවතින බවට වාර්තා වී ඇතත් කිසිසේත් එවැන්නක් නොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
රජයට තුනෙන් දෙකකට වැඩි බලයක් ඇති නිසා රිෂාඞ් බදියුදීන් වැනි අයගේ සහායක් කොහෙත්ම අනවශ්‍ය බවද ඔහු කියා සිටියා.
Discussion about this post