එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය, නව නිලධාරී මන්ඩලය සහ ප්‍රතිසංවිධාන වැඩපිලිවෙළ ඇතුළු පක්‍ෂයේ දේශපාලන කටයුතු අනාගතයේදී සිදුවිය යුතු ආකාරය පිළිබඳ සකස් කෙරුණු වාර්තාව පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු වාර්තාවට අදාළව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව මේ සතියේ දී පැවැත්වීමට නියමිතයි.
එහිදී පක්ෂ නායකත්වය, නව නිලධාරී මණ්ඩලය සහ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යන කරුණු සාකච්ඡා කර සියල්ල සම්බන්ධයෙන් එකවර තීරණයක් ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් අදාළ වාර්තාව සකසනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේයි.
Discussion about this post