තේ වතු ආශ්‍රිතව සැරිසරන වන සතුන් හක්කපටස් යොදාගනිමින් ඝාතනය මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් තිදෙනෙක් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (19) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල තේ වත්තේ හක්කපටස් යොදාගනිමින් ඝාතනය කරන ලද වල් ඌරෙකු ත්‍රිරෝද රථයකින් හැටන් දික්ඔය මැණික් වත්තේ සැකකරුවන් පදිංචි නිවස වෙත රැගෙන යන අතරතුර හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ත්‍රිරෝද රථයේ තිබි හක්කපටස් 9 ක්ද සිය භාරයට ගැනුණු බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධික ලෙස බිමත්ව සිටි බවත් හැටන් පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Discussion about this post