මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 5625ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ මේ වන විට ඉන් ආසාදිතයින් 2172 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
මේ අතර කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටි පිරිසෙන් මේ වන විට රෝගීන් 3440 දෙනෙක් සුවය ලබා ඇති අතර මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 13ක්.
කෙසේ වෙතත් පුද්ගලයන් 297 දෙනෙක් කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අද(20) උදෑසන 6න් අවසන් වූ කාලය තුළ මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් 87 දෙනෙක් හඳුනා ගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
එම පුද්ගලයන් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළඟින් ඇසුරු කළ පිරිස් බවද එම මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩි පොකුරෙන් අද(20) උදෑසන වන විට හමු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2164ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් පුද්ගලයන් 1041 දෙනෙක් එම ඇඟලුම් කම්හලේ සේවකයන් වනඅ තර සෙසු 1123 දෙනා එම කම්හලේ සේවකයන් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වනවා.
ඒ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් පළමු සතියේදී(08-11) ආසාදිතයින් 1186 දෙනෙක්ද දෙවන සතියේදී(12-18) ආසාදිතයන් 830 දෙනෙක්ද හඳුනා ගැනුණා.
ඊයේ(19) දින ආසාදිතයින් 61 දෙනෙක් සහ අද(20) උදෑසන 6 පමණ වනවිට ආසාදිතයන් 87 දෙනෙක්ද හඳුනා ගැනුණු බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
Discussion about this post