තලවතුගොඩ හේමාස් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පසුගිය 19 වනදා පැමිණි රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි හේමාස් රෝහල් සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අදාළ රෝගියා තලවතුගොඩ හේමාස් රෝහලේ සිටි වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති පසුගිය 20 වන දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා.
අදාළ රෝගියා කිසිදු අවස්ථාකදී රෝහල් පොදු පරිශ්‍රයකට නිරාවරණය නොවූ බවත් හේමාස් රෝහල් සමූහය ක්‍රියාත්මක කර තිබූ සෞඛ්‍ය නියාමනයන් හේතුවෙන් රෝගීන් සහ ප්‍රජාව අවදානමකට ලක්වීමට ඉඩක් නොලැබුණු බවත් හේමාස් රෝහල් සමූහය පවසනවා.
Discussion about this post