කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් පහක් යළි දැනුම්දෙනතුරු හුදකලා ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය කියා සිටියේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙදවතත්ත, මගුරුමස්විල, මාකලාන්දාව, ගුලවිට උතුර සහ ගුලවිට දකුණ යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බවයි.
Discussion about this post