කළුබෝවිල රෝහලෙන් කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයකු හඳුනාගෙන තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ අදාළ රෝගියා වෙනත් රෝග ලක්ෂණ සඳහන් කරමින් කළුබෝවිල රෝහලට ඇතුළත්වී ඇති බවත් පසුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බවත්ය.
රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව රෝහලේ 7 වාට්ටුව වසා එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් නිවෙස් වෙත යැවූ බවයි රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසන්නේ.
එලෙස නිවෙස් වෙත යැවුණු පුද්ගලයන්ට නිවෙස්වලම නිරෝධායනයට ලක්වන ලෙසටද උපදෙස් ලබාදී තිබෙනවා.
එම වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුද නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇති අතර කොරෝනා ආසාදිත රෝගියා කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යොමු කර තිබෙනවා.
Discussion about this post