නුගේගොඩ මහජන පොලේ මාළු වෙළෙඳාම් කළ පුද්ගලයින් දෙදෙනෙකු කොවිඩ් -19 අසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ එහි වෙළෙඳාම් කටයුතු නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම පොළ භූමිය තාවකාලිකව වසා දැමීමට කෝට්ටේ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ස්ථානය විෂබීජහරණයට ලක්කිරීමෙන් අනතුරු නැවත කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා බවද ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියා.
Discussion about this post