චීනය දෙසින් හමා එන කහ පැහැති දූවිලි සුළගකින් කොරෝනා වයිරසය ගෙන එනු ඇතැයි බියෙන් ගෘහස්ථව රැදී සිටින ලෙස උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් එරට වැසියන්ට අනතුරු අඟවා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
එළිමහනේ ඉදිකිරීම් කටයුතු සඳහා තහනම් නියෝගයක් ද පනවා ඇති බවයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කරන්නේ.
එම අනතුරු ඇගවීමෙන් පසු එරට අගනුවර වන පියෝංයැංග්හි වීදි හිස්ව ගොස් තිබෙනවා.
මොංගෝලියාවේ සහ චීනයේ කාන්තාරවල වැලි වර්ෂයේ ඇතැම් කාලවල උතුරු සහ දකුණු කොරියා දෙසට සුළග සමග ගසාගෙන යෑම කහ දූවිලි ලෙස හදුන්වනවා.
විෂ සහිත දූවිලි අංශු එම සුළං සමග පැමිණෙන බවත් එමගින් සෞඛ්‍ය ගැටලු ඇතිවන බවත් දීර්ඝ කාලයක් තිස්සේ පවතින විශ්වාසයක්.
මේ වනවිට උතුරු කොරියාවෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වන්නේ නැහැ.
ඒ සදහා වූ සියළුම ආරක්ෂක පියවරයන් සහ නීති තදින්ම ක්‍රියාත්මක වන බවයි උතුරු කොරියා වාර්තා සදහන් කරන්නේ.
Discussion about this post