දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 201 දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ එලෙස හඳුනා ගැනුණු කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් 140 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැල ආශ්‍රිතයන් බවත් 24 දෙනෙකු ධීවර වරායන්වලින් බවත් සෙසු 37 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන් බවත්ය.
ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් අද(24) සවස 6.30 පමණ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3883ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
Discussion about this post