කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ පොලිස් බලප්‍රදේශවලට අද(25) සවස 6 සිට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර අලුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බලප්‍රදේශයන්ට පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හෙට(26) අලුයම ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
Discussion about this post