කොරෝනා වෛරසය ආසාදිත 16 වන මරණය ඊයේ(25) මෙරටින් වාර්තා වූවා.
කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ දී මියගොස් ඇති රෝගියෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 70ක් පමණ වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
මියගිය පුද්ගලයාගේ රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර එම රෝගියා මියගොස් ඇත්තේද එම සංකූලතා හේතුවෙන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
කෙසේ වෙතත් මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 16 වන කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටිනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
Discussion about this post