මන්නාරම, මඩු, ඉරනඉලුප්පුකුලම ප්‍රදේශයේදී කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් පිපිරීමෙන් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මන්නාරම මඩු පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ දරුවන් දෙදෙනා සිය මිත්තණිය සමඟ මිත්තණියගේ නිවස ආසන්න කැළෑවේ දර කැඩීමට ගිය අවස්ථාවේ හමුවු කිසියම් ද්‍රව්‍යයක් දැක එය සමඟ සෙල්ලම් කිරීමට යාමේදී පිපිරීම සිදුව ඇති බවයි.
සිද්ධියෙන් ඉරනඉලුප්පෙයිකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12 හා ක් 10 ක් වයසැති දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, දරුවන් දෙදෙනා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසූහ.
පොලිසිය පැවසූවේ යුධ සමයේ අතහැර දමා ගිය අත් බෝම්බයක් වැනි යමක් පිපිරි දරුවන් තුවාල ලබන්නට ඇති බවට සැක පළ කරන බවයි.
සිද්ධිය වු ස්ථානය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය යොදා පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද පොලිසිය පැවසූහ.
සිද්ධියෙන් තුවාල ලැබූ දරුවන්ගේ පාද දැඩි ලෙස තුවාල වි ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Discussion about this post