කිලිනොච්චිය, පලෙයි, මුල්ලෙඅඩි ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ ගොඩගසා තිබු විදුලි රැහැන් ඇදීමට යොදාගන්නා විදුලි කණු ගොඩක් අස්සේ සඟවා තිබු කඩු තුනක් ඊයේ(25)සොයාගත් බව කිලිනොච්චිය පලෙයි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පලෙයි, මුල්ලෙඅඩි ප්‍රදේශයේ යාපනය නුවර ප්‍රධාන මාර්ගය අසළ ගොඩගසා තිබු විදුලි රැහන් ඇදීමට යොදාගන්නා විදුලි කණු ගොඩක් මත තිබු පොහොර උරයක අදාළ කඩු තුන සඟවා තිබු බවයි.
පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ කඩු තුන සොයා ගැනීමට හැකිවු අතර, සොයාගත් කඩු කිසියම් අපරාධයක් වෙනුවෙන් රැගෙන සඟවා තබන්නට ඇද්දැයි සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ කඩු සැඟවු පිරිස සොයා පරීක්ෂණ පවත්වන අතර,සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Discussion about this post