අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය යටතේ පාලනය වන ප්‍රදේශ තුනක කොවිඩ් 19 වෛසරය ආසාධනය වු රෝගින් සිව්දෙනෙක් පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය කරා ඊයේ (25) දින පස්වරුවේ විශේෂ ගිලන්රථයකින් යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුවා.
හැටන්, බගවන්තලාව සහ ගිනිගත්හේන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් සිව්දෙනෙක් පැලියගොඩ මත්ස්‍ය වෙලදපොලින් මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කරමින් සිටියදි එම ව්‍යාපාරිකයන් පි.සි.ආර් පරික්ෂණයට යොමු කල අවස්ථාවේ ඔවුන්ට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු විය.
එම රෝගින් සිව්දෙනාගේ ආශ්‍රිතයන් සෞඛ්‍යය අංශ විසින් මේ වන විට හදුනාගෙන ඇති අතර, එම ආශ්‍රිතයන් මේ වන විට ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇත.
Discussion about this post