ගිනි අවි සහ කඩු සමඟ සැකකරුවෙකු අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත අඟුණුකොළපැලැස්ස උස්වැව ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෙහෙත් කොටන ගිනි අවියක්, බඳින තුවක්කුවක්, කඩුවක් හා මිලිමීටර් 16 සජීවි පතරොමක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
සැකකරු උස්වැව ප්‍රදේශයේ පදිංචික 40 හැවිරිදි අයෙක්.
සැකකරු අද අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Discussion about this post