ලොව සුපතල ඉලෙක්ට්‍රෝනික සමාගමක් වන සැම්සුන් ව්‍යාපාර සමූහයේ සභාපති ලී කුන් හී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හැත්තෑ අට වනවියේ පසුවූ ලී කුන් හී මියයන විට තම පවුලේ සාමාජිකයන් සමග සිටි බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද ඔහුගේ මරණයට හේතුව මෙතෙක් හෙළි කර නැහැ. 1938 වසරේ දී කුඩා ව්‍යාපාරයක් ලෙස ඔහුගේ පියා ආරම්භ කළ සැම්සුන් ඉලෙක්ට්‍රෝනික ව්‍යාපාරය ලොව සුපතල සන්නාම නාමයක් බවට පත් කිරීමට ලී කුන් හී සමත් වුණා.
1968 වසරේ දී තම පියාගේ ව්‍යාපාර කටයුතු සදහා සම්බන්ධ වූ ලී කුන් හී 1987 වසරේ දී පියාගේ අභාවයත් සමග සැම්සුන් ව්‍යාපාර සමූහයේ සභාපති ධූරයට තේරී පත්වුණා.
දකුණු කොරියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ඔහු හැදින්වෙන අතර ඔහුගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන විසි එකක් පමණ වන බවයි ෆ්‍රෝබ් සගරාව සදහන් කරන්නේ.
Discussion about this post