පසුගිය වසරේ ඩෙංගු මදුරුවන් බෝ වන ලෙස පරිශ‍්‍ර පවත්වා ගෙන ගිය රාජ්‍ය ආයතන 138 කට එරෙහිව නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම වසර තුළ රාජ්‍ය ආයතන 2,068 ක් පරීක්ෂා කළ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
ඉන් පරිශ‍්‍ර 168 ක් මදුරු කීටයන් බෝ විය හැකි ලෙස, පවත්වා ගෙන ගොස් ඇති බව සදහන්.
පාසල් 1,494 ක් ද පසුගිය වසරේ පරීක්ෂා කිරීම්වලට ලක් කෙරුණා.
එහිදී මදුරු කීටයන් බෝවිය හැකි ලෙස පරිශ‍්‍ර පවත්වා ගෙන ගිය පාසල් 259 ක් හදුනා ගැනුණු බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිප ව්‍යාප්තව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් 12 ක් ක‍්‍රියාත්මක කර ඇති අතර එහිදී පරිශ‍්‍ර හය ලක්ෂ පනස් දෙදෙහස් 897 ක් පරීක්ෂා කර තිබෙනවා.
Discussion about this post