හැටන් කොටගල ග්‍රේටන් සහ රොසිටා වතුයායේ හමු වු කොවිඩ් 19 අසාදිතයන් දෙදෙනා සහ තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදයේ හමුවූ කොවිඩ් 19 වෛසරය අසාධනය වූ රෝගියා කන්දකාඩු යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට කොටගල සහ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (26) කටයුතු කර තිබෙනවා.
කොවිඩ් 19 වෛසරය අසාදනය වූ රෝගීන් තිදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ සේවය කර තම නිවාසවලට පැමිණ සිටියදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් එම සේවකයින් තිදෙනා සහ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධානයට යොමු කර එම සේවකයින් තිදෙනාගේ පී.සී.ආර්. වාර්තාවක්ද ලබාගෙන තිබෙනවා.
ලබාගත් පි.සි.ආර්. වාර්තාව අනුව එම සේවකයින් තිදෙනාට කොවිඩ් 19 වෛසරය අසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම රෝගීන් තිදෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පියවර ගත්තා.
Discussion about this post