ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත 17 වන මරණය අද(27) කොළඹ අයි.ඩී.එච්. රෝහලෙන් වාර්තා වනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිතව කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර සිටි ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
අද මරණයට පත්වූ තැනැත්තා සීරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබාගනිමින් සිටි අයෙකු බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 8,413ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් මේ වන විට ආසාදිතයන් 4,463 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් රෝගීන් 3,933 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් වසංගතත රෝග විද්‍යා ඒකකය පවසනවා.
මේ අතර තවත් පුද්ගලයන් 527 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බව සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
Discussion about this post