ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ එම පුද්ගල මරණ දෙක කොළඹ ජාතික රෝහලෙන් වාර්තාත වන බවයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19ක තරුණයෙක් සහ 87 හැවිරිදි කාන්තාවක් වන අතර ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
මියගිය කාන්තාව පාදයේ ආබාධ තත්ත්වයෙන් පසුවී ඇති අතර සතියක පමණ කාලයක් රෝගී වී සිටි ඇති බවත් 19 හැවිරිදි තරුණයා උපතින්ම ආබාධිත අයෙකු බවත් රෝහල් ආරංචි පවසනවා.
Discussion about this post