කොරෝනා වෛරස තත්ත්වය හේතු කරගනිමින් රට වසා දැමීමේ සූදානමක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ(26) පැවැති කැබිනට් රැස්වීමේදී බවයි වාර්තා වන්නේ.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශයන්හි සංචරණ සීමා ආදිය පැනවීමට සිදුවන බවයි.
Discussion about this post