දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 164 දෙනෙක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
අද(27) රාත්‍රී 9.45ට පමණ නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉන් ආසාදිතයන් 156 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොල ආශ්‍රිතයන් බවයි.
සෙසු 8 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයවල සිටින් පිරිස් අතරින් වාර්තා වන බවද අදාළ නිවේදනයේ සඳහන්.
ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් 457 දෙනාද සමගින් 5396ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 8870ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඉන් ආසාදිතයන් 4808 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 4043 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 19ක් වන අතර ඉන් අවසන් වශයෙන් සිදු වූ මරණ දෙක රෝහල්ගතව සිටියදී සිදු වූ මරණයන් නොවන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.
මේ අතර අද(27) උදෑසන 10 පමණ වන විට රෝහල් ගත ඇති කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව 445ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
මේ අතර මේ වන විට මෙරට PCR පරීක්ෂණ 460,455ක් පමණ සිදු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
අද(27) රාත්‍රී 9.45ට පමණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
Discussion about this post