ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 17,674ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඉන් ආසාදිතයන් 11,806 දෙනෙක් සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බවයි.
එසේම තවත් ආසාදිතයන් 5,807 දෙනෙක් තවදුරටත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මේ අතර ඊයේ (16) දින වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිත මරණ තුනද සමගින් මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් 464 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව පසුවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
මේ වන විට මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 672,100ක් ඉක්මවා තිබෙනවා.
Discussion about this post