කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් තෙල්දෙණිය වලවත්තෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ හා තෙල්දෙණිය පොලිසිය පවසනවා.
ආසාදිත කාන්තාව තෙල්දෙණිය විල්අමුණ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ අයෙක් බවත් ඇය පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව අදාළ කාන්තාව ඊයේ(16) දින තෙල්දෙණිය මූලික රෝහලේකොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා
ඒ අනුව මේ වන විට තෙල්දෙණිය රෝහලේ විශේෂ කොරෝනා වාට්ටු ඒකකයේ මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 73 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර තෙල්දෙනිය, රංගල, උඩුදුම්බර හා හසලක යන පොලිස් වසම්වල පුද්ගලයන් 120 දෙනෙකු සිය නිවෙස්වල නිරොධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
එසේම තෙල්දෙනිය පොලිස් අධිකාරි කොට්ඨාශයේ පොලිස් වසම් 7තක පුද්ගලයන් 137 දෙනෙකු සිය නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇත.
පොල්ගොල්ල විද්‍යාපිඨ නිරෝධායන මධ්‍යස්ථානයේ කොරෝනා අසාධිත රෝගින් 36 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා.
තෙල්දෙනිය දිසා මුලික රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන්ට අවශ්‍ය කරන පලතුරු හා වෙනත් ආහාර වර්ග නගරයේ වෙළෙඳ ප්‍රජාව විසින් දිනපතා සපයනු ලබන බව තෙල්දෙනිය ප්‍රජා පොලිස් ඒකකය පවසනවා.
නිරෝධායනයට යොමු කර සිටින පවුල්වලට අවශය කරන ආහාර ද්‍රව්‍ය මැදදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් එම නිවෙස්වලටම සපයනු ලබන බව එම ලේකම් කාර්යාලය පවසනවා.
මේ අතර පසුගිය 13 වන දින තෙල්දෙනිය මොරගහමුල පුංචි කතරගම හින්දු දේවාල බිමෙහි පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේ විවාහ උත්සවයකට සහභාගිවූ පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරිමද සෞඛ්‍ය අංශ පියවර ගත්තා.
මේ අතර සොඛ්‍ය නිතිරිති කඩකරමින් නගරවල හැසිරුන පිරිසක් තෙල්දෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට තරයේ අවවාද කර මුදා හැර තිබෙනවා.
Discussion about this post