ජපානයේ, ඔකයාමා ප්‍රාන්තයේ ගොවිපළක් ආශ්‍රිතව කුරුලු උණ රෝගී තත්ත්වයක් සීග්‍රෙයන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
විදෙස්එ මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ එය මෙම වසරේ මුහුණ දුන් දරුණුතම කුරුලු උණ රෝගී තත්ත්වය ලෙස ප්‍රාන්ත බලධාරීන් විසින් හඳුන්වා දී ඇති බවයි.
මේ වන විට මෙම තත්ත්වය ප්‍රාන්ත 6 ක් පුරා පැතිර ගොස් තිබෙනවා.
කුරුලු උණ තත්ත්වය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණින් එම ගොවිපළේ කුකුලන් 640,000ක පමණ ප්‍රමාණයක් විනාශ කිරීමට පියවර ගෙන ඇති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
Discussion about this post